Skip to main content

Posts

Featured

සේකර නම් වූ බයිබලය -1-

ජීවිතේ තෙවැනි සෘතුවක ඇරඹුමේදි මම නැවත නුඹට අමතමි ඔව්. මේ වෙනස් ඇමතුමක්. බයිබල් පද පේලි මෙන් සෘතුවෙන් සෘතුවට මට නුඹ ලියූ යමක් සිහිගන්වන ඔව්. මේ වෙනස් වැකියක්.. වරක් ඔබ ව්‍යංගාවේ තැබූ ලේ තැවරුණු කෙටි කතාවක ලේ සුවද වදන් පෙලක් "නෑ.. මේ ඇගේ ලේ නොවෙයි. මගේම ලේ මගේම හදවතින් ගලාපු ලේ.." කර උඩින් පැමිණ මදෙස බලමින් මට සිහිගන්වන කාලාත්‍රයේ සියුම් හෝරාවන් වල "ඔව්.. ඔන්න උඹව ආයෙත් ලියවිලා" කියා මට මතක් කරවන ඔබේ ලේ සුවද වදන් පෙල. මට සිහිගන්වයි වසන්‍තයක ඇරඹුමක් ගැනීමක් වුව මගේම ආත්මය, කළු ගල් බරකින් සිදු වූ වග තවද, වසන්තක නිමා කෙරුමක් වුව,  යලිදු මගේ ම ආත්මය, කළු ගල් බරකින් සිදු වූ වග... එවන් ආත්මයෙන් වැගිරෙන අවසාන ලේ බිදු වුව ද......., මගේම හදවතින්  ගලාගෙන යන ලේ බිදු වග.. සේකර,  කොරෙන්ති දහ තුන සමග ඔබ ලියූ ව්‍යංගාව කොටා ගමි මම ටැටූවක් හදවතේ ගැඹුරුම තැන Friday, 11th Oct : 08:15am

Latest Posts

පුදුම මල් වැල්

Own soul reality

The Promise

දැනිමි දැන සිටියෙමි

The Broken Voice

අවසන් රැය

අලුයම් සටහන්

නදියකට ඉවුරක්ව....

Half Dead Me

Half dead cigarette