නදියකට ඉවුරක්ව....

 


පෙරදා වැසි වැඩිම රාත්‍රිය 

නුඹ කොහොම දැරුවා ද

නොඅසමි

එහෙත් වෙසෙමි

සියළු දහරාවෝ කැටුව 

නුඹ ගලන්න

මම හිඳිමි.


නුඹ සමග එන මඩ කැවුනු දිය

දැනුනි

කැඩුණු ගල් මුල් වල විලාපය

නොඅසමි..වෙසෙමි..

නුඹ ගලන්න..

මම හිඳිමි.


පසු දා වෙහෙසින් 

සෙමෙන් හතිලවන

නිහඬව ගලන නුඹගෙන් කිසිවක් නොඅසමි.. වෙසෙමි..

නුඹ ගලන්න

මම හිඳිමි...


Saturday, 20july

Comments

Popular Posts