Bitter Love


 



රාත්‍රි සද එලිය බල්බයක් හේ ගෙන

කොට ලියන මේසයක කොල ටිකක් තියාගෙන

ජීවිතේ තිත්තම අකුරු ටික ලියන

ලස්සනම නැති රැයවල් වල ලිව්ව කවි වල තිබ්බෙම

මං උඹට බැනපු වචන...

සර්කේසාවා...

ආදරේ ඇත්ත බීර බිංදුවක තිත්තයි..

උඹ විශ්වාස කරනවද...


නැත්තම්...


ඒ හඳ එතනම තිබුන රැයක

කොට ලියන මේසයේ කොල ගොඩක් ළඟ

හැඬුම් කඳුලක් වත් නැතුව

බීර බින්දක් නැතුව 

හරි ලස්සනට තිබුණු රැය වල ලිව්ව කවි වල

පට්ට පල් බොරු තිබ්බා...

මං උඹට ආදරෙයින් කිව් වචන.

සර්කේසාවා...

බීර හොයන්නෙ හෘදසාක්ෂිය...

බැන්නට ආදරෙයි.. බැන්නෙම ආදරේට.

ඇත්ත තිත්ත නෑ.. තිත්ත ආදරය ඇත්තයි..

සර්කේසාවා.. ඉගෙන ගනින් ඒ ටික.


DeshsniAnjalika

Comments

Popular Posts