අලුයම් සටහන්
මිනිසෙකුට ගැහැණියකට
තමන්ගේම ආත්මීය බර උහුලාගෙන ජීවත් වීමට ඇති නොහැකියාව ගැන.
අලුයම් නොනිද්‍රාවේ සිතමි.
ප්‍රකෘතිමත් මනස දහවල් කාලයේ
සියල්ල ගල් කර හරින අපූර්වය ද
නැත හොත් ඛේදයද නොදැන
කෙසේ නමුත් හෙට දවස ක්ෂණිකව උදාවන ප්‍රාර්ථනය සිරුර පුරා දුවයි.
නමුදු දිගු රැයකි. තමන්ගේම ආත්මීය බර උහුළාගෙන යාමට තනිව නොහැකි ලෙස ජීවිතය මැවූ දෙවියාට මම වෛර කරමි.
අල්ප දුක්ඛයටත් හැකිලෙන
නිදිකුම්බා හදවතකට බැදෙන වෛරය ජන්මාන්තරද නොදනිමි.
සියල්ල කඩදාසියක මුදාහරින බව පමනක් දනිමි.
Comments
Post a Comment