The Promise
තරු දහස් වියන යට,
මම නුඹව සොයාගතිමි
ගිනි දැල්ලකින් ඇවිලුණු, සදාකාලික ගිනි පුපුරු අතරින්
මම නුඹව සොයාගතිමි
නිවැරදිම මාවතක් වෙනුවෙන් තනන
සිහින ශ්‍රමයක්
පෑන් තුඩකින් මුදා හැරදාම
රළු වූ ඔබේ අත්
සිඹිමි..
ජාතියක් රිදවූ තුවාල සුව කල මැසුම්වල
බලාපොරොත්තු මැස්ම, නුඹ
නිමක් නැති කල්පනාවේ ගලන
මහා ගංගාවකි නුඹ
ඉතිහාසයේ වරද සදනට
නිතර ඉවුරට එක්කාසු කරවන
වචන රළ දෙස
නොසැලුනු නෙතින් බලා ඉමි මම
උමතුවෙන්
නුඹ ගලන සැටි..ඒ අපූරුව
කර්කෂම ඉඩෝරයකත්
උල්පත් වතුර කැන්දන
නුඹේ දිය කද නිවාලයි
මගේ හදවත පුරා නැගෙන
කාලාවකාෂ භිය...
ක්ෂිතිජය පෙනෙයි මට
ඔබ මැකී යන තැන..
එදෙස බලමින්.. නොබලමින්..
ගස් මුල් වල..ගං පතුල් වල
ඔබ තබා යන හැම අකුරක්ම
ප්‍රේමයේ එක් ධාරානිපාතයකින්
පොළොවට වස්වමි.. දිනයක.
@anjaleeherath
Comments
Post a Comment