The Broken Voice

 


කලෙකදී ගෙවුණු රාත්‍රීන් වල

නිවැරදිම තනුවකට ඇසුණු

ගීතාවක් වන් නුඹේ කටහඬ

දෙපළු වී ඇත, බිඳුනු තනුවකට

කැඩුණු බිඳුනු සුසුම් වල

ඉරි තැලුණු බව මිස

ප්‍රීතියෙහි සිනහ තැන් ද

සුනු විසුණුව ඇසෙයි.

පොරොන්දුවක බිඳුමක්

මග බලා හිඳුමක වෙහෙසක්

ප්‍රේමයම දල්වාන ආලෝකය තැනුව ද,

සියල්ල මෘදු නිහැඬියාවක

අඳුරු මුල්ලක හිස් වෙයි..

ආදරය නම් පරිපූර්ණ

සංධ්වනියක් නොවේ මැයි...

එබැවින්

බිඳුනු ස්වරයන්.. ඇගේ ආත්මයෙහි, 

සිය අයිතිය හිමි තැන් සොයා යයි...

අවසානයක..

ඇගේ ම බිඳුනු කටහඬ තුල

මට මගේ සැනසීම පෙනෙයි..


Sunday,29 sep

Comments

Popular Posts