Own soul reality
ජීවිතයේ අංශු විසිරුණු තැන් වලින් එක්කාසු කරගන්නා ලද තනි වචනය ආදරය යැයි කිව හැකිය. තමන්ගේම ආත්මය අකුරු කරගන්නට ඇති හැකියාව මත ජීවිත වල ගුප්ත බව හෝ නිරුවත් බව තීරණය විය හැක. අතීතය සහ වර්තමානය අතර ඉපැරණි මෙන්ම තාරුණ්‍ය උරුම ගැහනුන් දෙදෙනෙකු එකම ශරීරයක් තුල ජීවත් වන විට උනුන් කා කොටා ගන්නා, වැළඳගන්නා, සිඹගන්නා, ගුප්තව නිහඬව ගත කරන වරු ආදිය තනි ආත්මයකට දරා ගත හැකි නොහැකි ආකාරය කොතැනක හෝ කාට හෝ දැකගන්ට ලියා තැබිය යුතුය යන හැඟීම නම් අනාගතය වෙනුවෙනි.
සැබවින්ම එවැනි කෝමා සමයක් තුළ වෙහෙසකර වූත් අතිශය සංවේදී වූත් අතිශය සතුටුදායක වූත් අත්දැකීම් රැසකට මුහුණ පාන්නට ඔබට සිදු වනු ඇත. ප්‍රමාණාත්මකව ගත කල පෙඳ කොළ පාසි වලින් සහ දුඹුරු මඩින් වැසුණු වැව මත වැව් පතුල තුල තමාගේම ආත්මය කූරු ගා සොයා බලන්නට යම් දවසක ඔබට සිදු වනු ඇත.එය කෙසේ වුවද පැහැදිලි නිල් අහසක් හෝ පැහැදිලි වැව් පතුලක් දැකගැනීම ඕනෑම මනුෂ්‍ය ජීවිතයකට තරමක අසීරුවක් බව කිව යුතුය.
උවමනාකම් එපාකම් ඇබ්බැහිකම් ප්රියකම් අප්රියකම් සියල්ලම තනි ආත්මයක සිරගත වී ඇති නමුදු දැඩිව ආශා කරන හෙවනක් යට දී වුව මුදා නොහැරෙන ,ආයාසයකින් තොර නිහඬවම පවතින තරමට ආත්මය මුලුගැන්විය හැක. අඳුරු මුළු වල ජීවිතය පවතිනවා යනු එය විය යුතුය. කාලයක් යත් ම ඇස් අගිසි වල ඇඳෙන්නේ කාලයේ සියුම් රේඛා පමණක් ම නොවනු ඇත. ඒවා සදාකාලික අඳුර ආකාරයෙන් ද මුව පුරා තොල් පුරා දෑස් පුරා කැලලි වශයෙන් මතු විය හැක. අඳුරේ කැලලි කාජල් උලා සඟවාගත නොහැකි වනු ඇති බව දිනපතා අමතන කැඩපත ඔබට පවසනු ඇත.
ශෝකාලාප මෙලන්කෝලික හැඟීම ඔබට උරුම වුවක්ය, ඔබ එහි රස විඳිමින් යාමක්ය, යන වදන් නිතර ඇසුනද එය ඔවුන් දකිනා අංශුවක තරමක් විය හැකි නමුදු සන්තුෂ්ටියේ අංශුව දැනෙන තුරු ඔබ මග බලනවා විය හැක. ජිවිතයෙන් සැලකිය යුතු කලක් ගෙවා අවසාන වූ තැන් හි ලියන ලද ගස් ගල් මුල් අහස වැනි සැම සියලු තැනකම දැනෙන ඇඟ කිලිපොලා යන හිස්බව ඉදිරියේ ඔබ නිරුත්තර වනු ඇත.
@anjaliherath
Comments
Post a Comment