දැනිමි දැන සිටියෙමි



 පරණ පොත් පිටු සුවද දුන් මතකයකට,


සිව් අකුරු වචනයක් ගැන

වගක් වක් නොදොඩා

ආත්මය ගැඹුරේම අස්වද්දා ඉන්දූ

පුංචි බීජ ගැන


දවන දහවලක සීතලම සංධවනියකින්

අපව අපි තවාගත් වග


සෘතු නම් මොනවාද ගිම්හාන සුළග වැද වැද

වස්සානයම

එළි නොපෙනි හදවතේ උදා වූ වග


සුවදවත් පරණ හැම පොත් පිටුවකම

ඉපැරණි මතක සේයාවකට

අපි අපව රැගෙන හලා දමන්නට

ඉඩක් දුන් වග


මේ සියලු දේ මැද

අප

සිව් අකුරු වචනයක අංශුවක තරමකුදු

නොදොඩාම දින ලකුණු කල වග


Anjaliherath

Comments

Popular Posts