Half Dead Me
ආත්මය මළකඳක් ව ශරීරය ඇවිදින
ජීවිතයේ අන්තීම කටුකත්වයට එළඹ
හිස් ආකාෂය දෙස බලමි
එකදු වලාවකු නොමැති මුත් ඒ අහසේ
තරුවකුදු නොමැති හේතුවක් නොසොයමි
වැතිරීමට
පණ නැතිව බර දී හිදීමට
බදාගෙන ඔහේ හිදීමට
ඔහේ හිද හොඳට ඇඩීමට
හිස ගසා ගැනීමට
ආයෙත් බදාගැනීමට ඇති
එකී සියළු දේ දරාගැන්මට හැකි
මහ පොළොව ගැන පුදුම වෙමි
පුදුමාකාර ආදරයක් උතුරවමි
Deshanianjali
Comments
Post a Comment