පැණි කුරුල්ලෝ

 


කොයි තරම් දුර වුවත් වසන්තය 

වන මලක් නොවේ බර කැලේකට

නොපිළිවන් දේත් ඇත කරන්නට  

ඔය කියන සැඩ කුණාටුවකට

ලස්සනම මල් පෙරෙන අතු අගක

වසන්තේ නාමයෙන් රෝද බඳින 

පැණි කුරුල්ලෙක් ඇසූ  පැනයකට 

හිත පිපෙයි අවාරෙත් පුදුමෙකට 

"ඇස්  වලින් වචනයක් වැටෙනකන් ඉන්නවද?

ආදරෙන් පැණි  බින්දු ගොඩ ගහන 

 මල් කියන්නෙම ගොළුවෝ බව 

නුඹ දන්න එකම මට හොඳටෝම ඇති 

පැණි කුරුල්ලෝ 

පැණි බින්දු උනන්නෙම ආදරෙට 

    


deshanianjaliherath


Comments

Popular Posts