ආදරණීය සැත්කම
සිනහවද... සිනහවේ යටගියාව ද
හැඬුම් එන්නට පෙර ඇසග නලියනා නහරකින්
හැඬුමක් ළඟ බව ද
සතුටෙහි ප්‍රභාවේ අලංකාර හේතුවද..
ශෝකාගාධයේ මුල් අග ඇති
තියුණු උල් කටුවද..
අඩමාන ඇස් කෙවෙනි බිම බලන්නටම සැරසෙන
මත් බවේ අනාගත සාක්ෂිය ද..
කිසිත් කිසිවක් නොහඟවන
නිහඬ හිස් බවේ වාක්‍යය ද
සියුම් සැත් කටුවකින් විනිවිදිය හැකි
මට අවැසි ආදරණීය සැත්කම...
deshanianjaliherath
Comments
Post a Comment