තණකොළේ උඹ ඇත්තටම අඩනවද




දැනගනු අවැසිය

කැළා කදුකර කපුරු මලකට

 පිනි බිංදු  කදුලු ද

ඇත්තටම තණකොළ අඩනවද

ඊයෙ රෑ රණ්ඩු ද

රෑ අහස ගෙරෙව්ව ද

මුළු රැයක් වැසි බැනලා

පාන්දර හැංගුන ද

තණකොළ වලට දුකද.. වෙහෙසයි ද..

ඉර අව්ව ටිකක් දෙන්න ද

හොඳ හුස්මක් ගන්නවද

විඩාවට හුලගක් ඕනද

පැත්තක් කහ ගැහිලා?

ඉතින් උඹ මැරෙනවද

ඇයි ඔච්චර හදිසි?

අපි ටිකක් කතා කරමු ද?

මං පොහොර දාන්නද....

අනෙ.. ආයෙත් හැදෙනවද


deshanianjaliherath

Comments

Popular Posts