කාලය, අපි ටිකක් ඉඳගමුද අර අතන..?

 



ඉදින් කාලය..නුඹ සුවෙන් ද

හරියටම අවුරුදු දෙකකට කලින්

මේ අවන්හලේ

මෙතැන මේ මේසේ 

මම මෙතැන ඉදගෙන

ඔන්න ඔය පුටුවෙම 

ඉදගන හිටියා හදවත.

රැගෙන ආවා මම හදවත

මෙවැනිම බහකට..


බීර..?කෝපි..? තේ..?

කාලය.. මොනවද බොන්නෙ


බීර..


ළමයා.. අපිට බීර දෙකක් ගේන්න


එදා හදවත බිව්වේ නම් කෝපි..


ඇත්තද..?


කිමද ඔබ මා රැගෙන ආවේ

අවන්හලකට කියා බහකට?


මෙන්න සර් බීර..


ස්තූතියි ..


කාලය..

මුණගැසෙන්නට උවමනාවක්

නොතිබුනා නොව මෙතෙක් දවසක්

හදවතෙන් මම සමා ගත්තෙත්

කැටුව එන්නට වූ පමාවට 


ඉතින්..? ඇයි මාව?


කාලයේ දිගු ගමන් පීරා

ජීවිතය හරි දුර ඇදෙනවිට

නුඹ නොවෙද මා තැවූ නැලවූ

රිදුණු තැන් හෙමි හෙමින් අතගෑ

මගේ උරිසේ සිට 

නිතර වේලේ හිස අත ගෑ පෙනෙන නොපෙන 

ගමන් සගයා..




ඔව්..ඉතින්?


ඉතින් මගේ

මරණයේ සැතපුම් කණුව ලග

තුති පුදන්නට කෙනෙක් ඇත්නම්

නුඹයි ඒ  කාලය..

ස්තූති වේවා.. ස්තූති වේවා...

පමා විත් හදවතින් සමා අයැදි පාඩම උගෙන

ඉදින් 

ස්තුති පුදමි නුඹට


deshanianjali 🦋

Comments

Popular Posts