Barley

 













කවුලුව අතරින්

ඉර පෙනනවාට බිය දුප්පත් මිනිසුන් ය.

දුකට පත් විසල් වූ රාත්‍රීන් වල අවසානය 

අවසාන අඳුර රැඳි හිමිදිරිය ද

රාත්‍රීයමය සිතාගත්

ඉර එලියට වෛර කරනා දුකට පත් උන්

දහවලේ නිදිය යුතුය

සිහින දැකිය යුතුය

සිහිනෙන් ඇවිද යා යුතුය

යලිඳු එලැඹෙන රාත්‍රියේ

අවදිව

වවුලු පත් නින්නාදයට කන් දිය යුතුය

සිහින දැකිය යුතුය

සිහිනෙන් ඇවිද යා යුතුය

යලිඳු එලැඹෙන රාත්‍රියේ

අවදිව

වවුලු පත් නින්නාදයට කන් දිය යුතුය

 රාත්‍රියේ පණ ගැහෙන

දහවලේ අඩපනව ගුලි ගැහෙන 

හුදෙකලා කාර්තුවක කෙලවර

ආත්මය අතැර යන දවසක

පොළොවට තදින් බැදූ මුල් ඇති

කඳුකර කැලෑ ගසක් යට 

සදාකල් නිද්‍රාව සැමරිය යුතුය..

සීතල දුඹුරු පස උරා බොන සාරයෙන්

බාර්ලි පැල දහසක් මතු විය යුතුය..

තවත් බඩගිනි දිලින්දන්

 ඒ බාර්ලී කෑ යුතුය..


deshanianjali🦋

Comments

Popular Posts