the duty

 


 

සර්කේසාවා

මට ටිකක් වෙහෙසයි...

කිමද ඔය හැටි පුදුමයෙන්

රාජකාරියෙන් පහු 

මම තකහනියක් දුවන්නෙ

තවත් රාජකාරියකට

කිමද මේ පුදුමයෙන්?


සර්කේසාවා

මට නුඹේ කෝපි උගුරක් දෙන්න..


දැන් මගේ රාජකාරියට

වෙලාවයි........


 සර්කේසාවා... මම නුඹටත්

දෙන්නම් ද වැටුපක්?

එනවාද රාජකාරියට

වැඩි වෙලාවක් නෑ

හෝරා දෙකමයි...


අසුන් කුමටද ඉදිමු බිම

සර්කේසාවා..

රාජකාරිය  එහෙමයි......


මැදියම වෙනතුරු

තරු බලන රස්සාව


උඹ ඔය හිනාවෙන්නෙ 

මට නොවෙයි අහසටයි..


සර්කේසාවා... ඒ තරු අපෙයි

ඔය හැටි බබලන්නෙ 

දුටු විට නොව බලන විටයි.. 


නිල් තරු එමටයි

කහ තරු අහංකාරයි

කොළ තරු විශාලයි

සර්කේසාවා..

අද රෑ අහසෙ

රතු තරු ටිකයි..


 සර්කේසාවා...

අපි අපේ දහසක් වෙහෙස්

අහස් තලයට දෙමු...

රහස් නැති අපේ කැත තැන්

දහස් ගණනින් පෙන්වමු..


සර්කේසාවා... නිවාඩු නෑ 

එන්න.. අපි වැඩ කරමු..


deshanianjali🦋

Comments

Popular Posts