මතකයට එයි


මතක පීරා දුවමි.. මතකයට එයි

ඇසිල්ලෙන් තෙත් වෙන

මහා හැගුම්බර ඇස් දෙකක්

කැලෑ කදුකර දියකඩිත්තක් වගේ

හරිම පැහැදිලි

ඇස් දෙකක්

මහ ගැඹුරු  රළු ඔය පිරිමි කය අස්සෙ

සුළගටත් සැලෙන හිත් පපුවක්...

මං පැටලුනේම ඔය ඇස් වල..

වැවක පතුල පෙන්වන

බර සුසුම් වල..

සංසාරයක කතා ඇස් අස්සෙ

කොටස් වශයෙන් පෙනෙන 

කවි ලියන ගැහැණියකගෙ හිතට

නුඹ බලා විද සැනසිය හැකි

පිරිමි හිතක්..

ආදරය කිරීම් ගැන නොදනිමි... 

එහෙත්

මම 'ආදරය' ව 

නුඹ දෙසම බලා ඉමි..

මගේ කවිකාර වදනකින්

සුසුම් නගනා තාරකාව..

ජීවිතය වෙනුවෙන් ඇති

ජීවත් වීමේ අරමුණු හඩ

මට නුඹේ හදවතින් ඇසෙ...



deshanianjali


Comments

Popular Posts