*තර්කන*
මගේ ප්‍රියතම ගීතය
"අතීතයෙන් ගඟ ගලා බසියි නොව.."
එය අසන නුඹේ දෑසේ කඳුළු ය..
ප්‍රියතම ගීතය.. නුඹේ කඳුලු ය..
මගේ ප්‍රියතම පොත
ලේඩි ඇන්ඩ් ද ලිට්ල් ඩෝග්
නොව
එය කියවන නුඹේ දෑස ය..
ප්‍රියතම පොත නුඹේ දෑස ය..
මගේ ප්‍රියතම සිතුවම
බර්ත් ඔෆ් වීනස් නොව
එය අතගා බලන නුඹේ තුඩැඟිලි ය.
ප්‍රියතම සිතුවම නුඹේ තුඩැඟිලි ය...
මගේ ප්‍රියතම සංධ්වනිය
ඉන්ටර්ස්ටෙලා නොව
එය අසමින් දිග හැරෙන
නුඹෙ සුසුම් ය..
ප්‍රියතම සංධ්වනිය නුඹෙ සුසුම් ය..
මගේ ප්‍රියතම මිනිස් කාව්‍ය
ඛලීල් ජිබ්‍රාන් නොව
ඔහු කියවා මත් වන නුඹේ හිතය..
ප්‍රියතම මිනිස් කාව්‍ය
නුඹේ හිත ය.
Tuesday ,12 March
@Anjaliherath
Comments
Post a Comment