කඳුකර කැළෑ කපුරු මල් වෙත..
ඉදින් මම,
බාල කාලයෙ උගත් නමුත්
හැබෑවකටම හරි හැටි නොදුටු තරු රටාවන් පිරි අහසක
රටාවකට අයිති නැති
කොණ් කල තරු ගනින ජීවිතයක්..
භෂ්ම අතරින් සිනහසෙන
ගිනි පුළිඟුවක එළි තිතක් පෙනෙන තත්පර
කල්පයක් තරමට වටින ජීවිතයක්..
නිසල නිර්මල ඔහුගේ කය
මරියාව ඇයගේ දෝතිත් දරන
පියෑටර් දෙස නෙත් නොපියා බලා හිඳ
ඇයට තවත් අත් වාරුවක් දෙන්නට
කඳුළු පිහමින් මග බලා හිඳිනා ජීවිතයක්..
මරණයෙන් පසු තම මුල් ස්වරූපය සිඳගත් මල් අතර
මරණයෙන් පසු ද
සදා කල් සුදු පාට මල් බිංදුවක් ව පිපෙන
කැලෑ කපුරු බේබිස් බ්‍රෙත් මලක්
පයකට පෑගී සුනු විසුණු කල විට
උන් වෙනුවෙන් මල පොත කියා
ගරු බුහුමනින් සමු දෙන ජීවිතයක්..
@deshanianjaliherath
Comments
Post a Comment