The Death



ඉපැරැණි සිතුවමක නොදියුණු වර්ණ

සිය මරණය දකිමින් ඇත

තවත් ශතවර්ෂාධික කලක්

මිනිස් නෙතකට ගැටෙන්නට කියා

හොඳම වර්ණ බලහත්කාරයෙන් කවන්නට නියමිතය....

ඉපැරැණි පින්සල් පහර හා සමව

ඉපැරැණි කඩ ඉරි රේඛා රකිමින්

ඉපැරැණිය නොමරන්නට හීන් නූලෙන්

බලහත්කාරයෙන් 

මරණ‍යෙන් ගැලවුමට සියල්ල සූදානම් ය...

එහෙත්...එය

මරණයෙන් ගැලවුම ද

ගැලවුමෙන් මරණය ද

සිත්තරා නොදනී....



deshanianjaliherath

Comments

Popular Posts