Let Me Hate This Evening
පරණ පොතක ලා දුඹුරු වී ගෙන යන
මගේ ආත්මීය කැකෑරුම් පිරුණු
දරුණුතම සන්ධ්‍යාව මහත් දිගු විය
හදවතම දෝත පා මගෙන් ම වාරුවක් ඉල්වන මොහොතක
එවන් දීර්ඝතම සන්ධ්‍යාවන් වලට
මම දැඩි ලෙස වෛර කරමි
මට සමා වන්න...
රාත්‍රී පළමු තරුව මගේ නෙත ගැටෙන තුරු
රාස්සිගේ අව්වට මම වෛර කරමි..
අත්මය කොළයක තවරා අත මිට මොලවා
කොළය ගුලි කර
ගම් බිම් කරා යාමට සිතෙන ඉබි කටු සිතුවිලි ආත්මය කොනහයි...
ජීවිතය මෙතරම් දැඩිව
අසීරුව
දැනෙන හවස් වරු වලට
වෛර කරන්නට මට ඉඩ දුන මැනව
වන දුර්ග වල රූස්ස ගස්
කහ ගැහුනු තම මිණී පත් දෙස
කොළ පාට නාඹර පැටි වියේ සිටම දුටුවද
වන දුර්ග හැර අනෙක්
මිනිස් වාසය සහිත බිම් වල
ඉදල් පාරට යලිත් මැරෙන
කහ ගැහුණු පත්‍ර වල දුක අසමි.
උමතු ආත්මයකින් වෑහෙන වචන
මුතු මෙන් එකට ඇමිනුවද
එහි රටාවක් නැතිකම
නුඹට
ලස්සන මුතු පොටක් හේ දැකිය හැකිද
deshanianjaliherath
Comments
Post a Comment