අවසන් වචන

 




ඉදින් මා මිනිස

උපන් දා හිට සුසුම් දිග හැර

නිමාවක් වන දවසට

වළා කුළු පිරි අහස හොඳ හැටි

පෙනෙන මිටියාවතක

ගසක් වත් නැති තැනි බිමක් මත

රියන් සයකට දමනු..

රෙදි රියන් සයකින් ඔතා

කයට ළඟකින් 

මේ ඇහැල මල් පැලය 

දෝතින් සිටවනු...

ඇහැල මලකින් මලක තැවරුණු 

මගේ ජීවය දකිනු...

මගේ සාරය විඳිනු...

ඉඳ හිටක ඇවිදින්

සෙවන සිසිලස ලබනු...

විඩා නිමවා යන්න කලියෙන්

වරක් කඳ මැද සිඹිනු....



deshanianjaliherath

Comments

Popular Posts