මැදියම් කෙටුම්
යකඩ මල් පෙත්තක් නොවෙමි
උපන්නේම සුකොමළවය
හැබෑ මල් පෙත්තක් වෙමි
කලු ගැසී දිය ව ගිය
පොළොව රත් වන කාර්තුවද
මුල් උදුරාගෙන යන සුළග කාර්තුවද
මුළ් පවා ගොළු වන
ශීත කාර්තුවද
මිනිස් පයකට තැලෙන
අහම්බක කාර්තුවද
මෙලෙක පෙත්තෙන් ගෙවා දැමුවද.....
යකඩ මල් වලට පුළුවනිලු
සියළු කාර්තූන් එක විට නැගෙන
ලෝක විනාශ කාර්තුව දරාගැනුමට...
පෙත්තෙන් පෙත්ත
හලා දැමුවා නොව හැලී වටුනා පමණි......
යකඩ මල් පෙති
මම තවම දැකලා නෑ.....
එව්වා කොයි දෙසද පිපෙන්නෙ?
deshanianjaliherath
Comments
Post a Comment