Remember That Night?




එදින රාත්‍රිය 

අප පෙම්වතුන් සේ නොසිතූ 

විසි හත්වැනි රාත්‍රියයි

ලොව මිහිරිතම දෑ අතැඹුලක්ව දරමින්

ලෝකාගේ නාට්‍යයේ 

මරියානා හදවත ගැන 

පුදුමයක් නැතිව දොඩමළු ව

ලොරීනා ගේ මිහිරිතම ගායනාවෙන් 

හදවත් තවා

බීරයෙන් ආත්මය තෙමාගත්

තරු කියා නම් කල විසිර ගිය නෙබියුලාවක 

දිලිසෙන කොටස් දෙස බලමින්

අපගේ ආත්මයන් මෙතරම් නිරුවත් කල

අපගේ ආත්මයන් 

මෙතරම් කුරා කුහුඹුවන් කල

අපගේ ආත්මයන්

සුළඟට වැනෙන ඉලුක් මල් දෙකක් කල

දුක්ඛිත 

මල් සුවඳක් නැති 

ලඳු කැලෑ කටු දරා ගත් දෙපතුලෙන් 

තනිවම ඇවිද ආ

අතීතයේ මතක වැමෑරූ ඉතිහාස කතා 

අහසට වීසි කල දවසක්..

නුඹ

 මටම මුත් මා ආත්මයට 

ඇමතූ

ප්‍රේමණීය මුත් අනාගත බීජ 

ආත්මයේ පැල කල

සීමිතම දවස් ගැන මතක් වෙන

මරණීය වේදනාව 

එකම හදකින් දරා ගත් රැයක්..


~ ප්‍රේමයෙන් නොබැඳි අවශේෂ දවස් ~

deshanianjaliherath

Comments

Popular Posts