අලායුධ
මතකද..
ලොව මිහිරිතම උස්ම වූ පොත් කඳු
තල් හෙවිල්ලක් යට තනන්නට
ලොව මිහිරිතම සංධ්වනි
තරංග පීරා සොයා දෙන්නට
පෙට්ටියක පාට කූරක් නෑර
හැම වර්ණයකම සිතුවම් මවන්නට
මැදියමේ එක් රැයක සැලසුම් කලා අප
කහ පාට ඉටි පහන් එලියක?
ලස්සනම මල් පිපෙන සීතලම වස්සාන
රස්නෙයට විඳගත්තු මල් පොකුරු එක්ක
උන්ගේම දුක අසා
උන්ගේම පැලක හිඳ
කී රොටියක් කන්න...
කුංකුම දුම් සුවඳ මැකුණු
හීතල මඩ සුවඳ පොළොවේ ම
හිස තියා මොහොතකට
උන් එක්ක ඇස පියාගන්න..
ජීවිතය පිරැවෙන්න ආදරය වපුරන්න
නුඹ මගේ ආලයම ආයුධය කරගත්
ලස්සනම ඒ දවස් මතකයි ද...?
~ ප්‍රේමයෙන් නොබැඳුනු අවශේෂ දවස්~
deshanianjaliherath
Comments
Post a Comment