හුදෙකලා බොරළු මත
මට අවැසි පියනගන්නට
මගෙ දෙපා පිරෙන්නට
ළඟා වීමට නොහැකි වූ
දුකඳුරේ මිටියාවතට..
කැටුව යා හැකි ද මා
ආත්මීය ගැඹුරු ආශ්වාසයෙන්
මළපොත් මතින් යලිඳු නැගි
පුස්කාල සුවඳකින්
පෙනහළු පුරවාගන්නට...
නිදන්නට අවැසි මට
රැයවල් දහසක්..
දෙමළ අම්මෙකුගෙ උකුළක..
වෙනස් ඇති ඒ ගැස්ම
පුතෙකු වෙනුවෙන්
හැඬූ තරමක් කියවෙන..
හිස් ලූ ලූ අත
හුදෙකලා අඳුර වැපිරුණු
මූසලම රැයවල් වල
යාපනේ බොරළු බිම මත
නිරුවත් දෙපයින් ඇවිද යමුද අප?
ප්‍රේමයෙන් නොබැඳුනු අවශේෂ දවස්~
deshanianjaliherath
~
Comments
Post a Comment