පූර්ව සටහන ~ප්‍රේමයෙන් නොබැඳනු අවශේෂ දවස්~

 


අප 
ප්‍රේමවන්තයන් සේ නොසිතූ දවස්
ඉතා දිගු විය.
එය ම..
අපගෙ අරගලය ඉදිරියට ගෙන යාමට
තවත් දින නිර්මාණය කරන්නක් විය...
අප
සහෝදර සහෝදරියන් සේ
සිතූ දවස් විය..
ප්‍රේමණීය වෙළුම් වෙනුවට
සහෝදර කැක්කුම දරා ගත්
පිට මතම
අපි මරණීය සත්‍ය ලියන්නට විය.
ප්‍රේමය 
උවමනාවෙන් අමතක කල දවස් විය..
මන්ද යත්
ප්‍රේමය
විමුක්තිකාමී මරණයට 
දුර වූ බැවිනි..











































dheshanianjaliherath




























Comments

Popular Posts