සංහාර

 



අපේ රටේ  කුණු කාණුවෙන්

ඇසිල්ලෙන් මුහුදට වීසි වුණේ 

ලේ ගදම පමණමයි 

කාලෙකට ඉස්සර

කුරුල්ලනි මම 

හරි හැටි නොදන්නෙමි

කොහොම ඇහැරුවද ගී ගයා නුඹලා

මිනිසුන්ව ඒ දවස් වල..

දැන් සංහාර අහවරයි

කියා සිතුනාට

කුස ගින්නේ  මැරී වැටෙන

හැම අසරණයකුම

උස් තැනක් ඇස් කන් පියා ගත්

ගූඪකමේ මිනිස් සංහාරයක 

ශේෂ නටඹුන් නොවෙද?


Deshanianjaliherath

Comments

Popular Posts