All Souls Night

 



මා සෙවූ නෙරුඩා 

මා සෙවූ චොපින්

මා සෙවූ පාවෙල්

මා සෙවූ දුයිෂෙයින්

මා සෙවූ සේකර

මා සෙවූ ජිබ්‍රාන්


මා සෙවූ වෑන්ගෝ

මා සෙවූ එඩ්ගා

මා සෙවූ ලියෝ

මා සෙවූ කෆ්කා


හමුවුණා මට නුඹලාව තනි තනිව

ජීවිතේ ගිරි දඹය

 නැග සෙමෙන් යන අතර


ඉදින් ඒ සැම ආත්මයන් 

එකම තැනකින් මුණගැසෙන 

එකම එක් ආත්මයක් 

ගිරි කන්ද මුදුනත පතමි මම..

deshanianjaliherath

Comments

Popular Posts