Rare things

 


පරවීම යැයි නොකියන

පිපී අහවර යැයි සිතන

ආදරය යැයි නොකියන

ඉහලට ගත් සුසුමකැයි සිතන

රුවක් නොපතන 

එහෙත්

මග බලාගෙන හිදින

ඇසක් නොදකින

එහෙත් 

බිම බලාගෙන හිදින

මහ පුදුම පෙම්වතුන් ඇත මෙලොව

කුරා කුහුඹුවන් සේ වෙසෙන


dheshanianjalikaherath

Comments

Popular Posts