නෙරූදාමය රාත්‍රිය
මගෙ නෙරූදා
වැස්සෙන්ම ප්‍රාණය ලබපු
වස්සාන නිද්‍රාවෙන් ඇහැරෙන්න
ලස්සනම මල් පිපුණු දසන්තය
ඇස් දෙකෙන් හැබැහින්ම දැකගන්න
කවි බර ම සරාගී නෙත් පියන්
මොහොතකට තව තදින් වහගන්න
කවි හිදුණු ඔය හිතම මට ටිකක්
අත ගගා තවන්නට ඉඩ දෙන්න...
දන්නවද නෙරූදා...
මල් පිපෙන්නෙත් රළ නගන්නෙත්
නුඹෙන් කවියක් උහුලාන
හෙට උදාවෙන හිරුට පණ දෙන්න
ඉතින් ආයෙත් කොළය අරගන්න
තෙත් බරම තින්ත තුඩු වෙනදාට
ගල්වෙලා හීතලට මුළු රෑම
කූඩුවෙන් උරාගන පුරවන්න
ඉතින් මට කවි බලා පිරවෙන්න....
නෙරුදා නුඹ දන්නවද
හුදෙකලාවක උත්පත්ති කතාව
මේ කාල යාත්‍රයේ ගමන් ගන්නා අතර
මම කියා දෙන්නම් එය නුඹට
මහා නදියක් අසබඩ
ගල් කුලක වැද ගතේ වැදෙනා
සිහින් හිරිකඩ වගෙයි
මහා කවියක් ළග
ජීවයෙන් පිරෙන එක....
මගෙ නෙරුඩා..
ඇගිලි තුඩු වලටයි උනන්නෙ වචන
හදවතට නොවෙයි නේද..
නොවේ නම් ඇයි නුඹ
ඔය තරම් නිහඬ....
deshanianjali
Comments
Post a Comment