ඔහු සිත්තරෙකු විය.

 


අයෙකු..

පලා ගිය තැන වේදනාවක

කඳුළක හැඩයකින් සිතුවමක් ඉතිරි කලේ ය

එතැන් පටන් ඔහු විසල් ඉඩ මත

ඇසත් කඳුළත් කඳුළත් ඇසත් සමග

පින්සලෙන් දින සති ගෙවා දැමුවේය..


සිතුවම රත කොළ නිලෙන් බර විය..

වර්ණවත් සතුටකින් ඔහු එය

තුටු කඳුළක් කලේ ය..


කාලය ගත විය..


නිල අඳුරු විය..

රත අඳුරු විය..

කොළ අඳුරු විය..

වර්ණ මද විය...


ඉතිරි දින සති ගෙවා දැමුමට

මද වූ වර්ණ තුර 

ඔහුට ඉතිරි වූ එකම වර්ණය

කාල වර්ණය ම විය.


අඳුර.. 

පලා ගිය තැන වේදනාවක

වර්ණය අඳුරු විය..

දෑස් යට අඳුරු විය..

වෙහෙස් වැඩි විය..

කදුළු ඇස අඳුරු විය..

සොඳුරු අඳුරේ ඔහු..

සිත්තරෙකු විය.


deshanianaliherath

Comments

Popular Posts