The Entrance


හිත කැමති ප්‍රබුද්ධයා කියවන විට

ලියන්නාගේ සිහිනයට ඇතුළු වෙයි

සිහිනයේ පියවර තබමින්

මහා වන ගුල්මයක තනි වෙයි

ලියන්නා! මෙහෙම ලියයි.

එම සිහිනයේ මම ඇවිද යයි.

"

මේ ලියන මේසය ළඟ

මේ පුටුව මත හිඳ

මේ ලිපි ගොනු අතර මැද …

හාන පෝරු ගාන – වී වපුරන වෙල් යායක

සටන් පාඨ

වැඩ වර්ජන

කම්හල් දැති රෝද අතර-

ගෑනු පිරිමි එක රොත්තට හිර වී ගෙන

උදේ සවස වැඩට යනෙන කොච්චියක

දෙනෝ දහක් සෙනඟ අතර

බුදු වීමට

තනියම නොව

දෙනෝ දහක් සෙනඟ එක්ක

අපි ඔක්කොම – එකට බුදු වීමට"


ලියන්නා!

ඒ හීනය දරුණුයි...වේදනයි..

අවදි වන්නට නොහිතෙන

හදවතේ සියුම් තැන් රිදවයි..

පුළුවනි නම් මේ සිහිනයට

රට කන ඇමතියෙක් ගිල්වන්න!

මට පුළුවන් නම්  ඒකාව

මුළු රැයක් ඇවිදවන්න!

ලියන්නා උඹේ කකුල් ළග

ඌව දණ නමා වන්දවන්න!


deshanianjaliherath

Comments

Popular Posts