ගස වෙත ලියමි

 


හිතාදර ගස..,


වියන්නට අවැසි මට ආදරෙන් වියමනක්..

ජීවිතය ලුහු බදින මේ අමුතු සීතලෙන්

තනන්නට අවැසි මට 

අපේ  සිහිවටනයක්...

නුඹේ බද වටා ගිය තුරු පියලි වැල් මතින්..


මගෙන් හැඩ ඉලුක් මල් 

සරසන්න අපිව

ඉතින් මේ මල් ගෙතුම

පුදනු අර සුළගට

මිටියාවත සහ ගස 

ගස සහ මිටියාවත

පලදන්න කියමු අපි මේ ගෙතුම

දුර ඇත කදු මුදුනට...


මගෙ ගස..,


පුදුමයකි මට වර්ෂාව අහවරය

එහෙත් මගෙ ගස නුඹෙ නිහඩ පත් රස

තාලයට සැලෙන හඩ

ඇසෙන හැටි මට...


ඇතුල් කදෙන් නැගෙන

ඔය ගැඹුරු හරිත ආලය

අරටු පුරා පත් පුරා ඇසෙන

නුඹ තරම් ගීතිකාවක් නැත..

ඉදින් මේ මිටියාවත

තව නිවී නිවෙන තරමක්....


දන්නවද මගෙ ගස..

පාන්දර පිනි හිරට

තිගැස්සී ඇහැ ඇරෙයි මට

තරු එළියකින් පෙනෙන නුඹ

සුවෙන්දැයි බලමි මම

නිදාගත් තුරු පතක්

සෙමෙන් පිරිමදින්නට සිතෙයි මට


මිටියාවත විසල්.. ඔව්

ආදරය එහෙමයි..


රොන් ම සිදී ඇත..

වල් පදුරු කේඩෑරි

සුදුබුදු වී ඇත..

දැන් නුඹේ තුරු හඩෙන්

මුළු මිටියාවත පිරී ඇත


මැදුම් රැය වන්නට ළගම

වැසි රැයේ ප්‍රථම හෝරාව

සන්සුන් ය..

නිහඩය..

ඉදින් මගේ ගස

බලන් ඒ කලු අහස

තාරකාවක් පෙනෙයි

තනි පාට තනි තැනෙක...

යළිත් නොම පායාවි

ඒ තරුව තව රැයක

ඉදින් නොනිදා ඉන්න..

අතු පතර ඇහැරෙන්න....


දුටිමි මම නුඹ

සුරැකි බිදු පුදන යුරු

වළාකුළු තනන්නට 

බිදු යදින යදින විටක හිරු....

උදෑසන පළමු දුටු

මිටියාවතට සතුටු

දසුන නම් එයම විය...

හද තවන අමයුරු..


ඉදින් මේ රාත්‍රිය

වැසි වැටුනොතින් හොද ය..

තෙමෙන්නට මිටියාවතට

හිත හිතූ හැටියක...


ගස නුඹ දන්නවද

මේ සීත මහ පොළොව

ගිගුම් දෙන බව තදින්

මිටියාවතට යටින්..

එහෙත් නුඹෙ පතක් වත්

නොසැලෙන්න නුඹ රකිමි

ගැබක් රකිනා මවක

සේ හදින් නුඹ දරමි...


අසන් මගේ ගස....


සුළං දැවටී අපේ 

සියුම් තැන් ගෙන යාවි

ගොසින් අහසේ තැනක

කතාවක් ගැටලාවි

ඉදින් දවසක දෙදෙන

මේ බිමේ මෙතැන හිද

කියවමුද අප ගැනම

ඒ අහස බලාගෙන?


මා ආදර ගස..


හදිසියේ ගසන් යන හොර මලෙන්

කදු කියන රහස් ගැන දැනගන්න

අතු අතින් අල්ලාන රැකගන්න

අතහැරුණු තැන් කියන පුරාවත

මෙලැන්කලියාවකි... දරාගන්න...


වෙද නලාවක් කර ලතාවක්

මිටියාවතේ මැදට කන් දෙන්න...

පෙර මතක හද මැදක ගැහෙන හැටි

අතුපතර විහිදුවා කන් දෙන්න....


වස්සාන නිද්‍රාව පතමි

වැස්සෙන්ම ප්‍රාණය ලබමි

මල් නොමැති  වසන්තය දකිමි

එහෙත්...,

මිටියාවතටම හෙවණ නොපතමි

සුළගකින් විශ්වයක් තවරමි

හොඳම කවියක අරුථ කොදුරමි

දළුලවන අතු අගිස් නරඹමි

වසන්තයකට නුඹව සරසමි....


ඉතින් ආදර ගස..


දුයිශෙයින් අල්තීනායී තැනූ

ගස් දෙකක් පිහිටි කන්ද

දන්නවා නොවෙද 

උන් පැල කළ උන් ගැන..?

ඉදින් මේ ගස මිටියාවතේ හද මැද 

පැල කලේ කවුරුන්ද නුඹව

කාලෙකට ඉස්සර..?


ආදර ගස..


මේ අමුතු සෘතුවක්...


ගසක් මිටියාවතක් 

තබා ලෝකයෙ තැනක

කෙනෙක් අහසේ හිදන්

නරඹමින් ඇත අපව

මහත් උද්යෝගයෙන්

නරඹමින් ඇත අපව.



"තව ටිකයි... තව ටිකයි...

දිනුඹ උඹලාගේ...අත ළගයි..."


උන් කියයි...


මේ අමුතු සෘතුවේ 

නාමය ද ඔවුන් දත්...

මේ අමුතු සෘතුවේ 

වර්ණයද  ඔවුන් දත්...


ආදර ගස..


සියලු වේදනාවෝ 

දැරූ මේඝනාවෝ

හලා හල වැසි බින්දු 

දරා ගමි හෙටත්

ඉදින් හිරු ඇබින්දක් 

නැතිව තනි මිටියාවතක්

කෙසේ නම් දරන්නද 

මේ තරම් තෙතක්...


මිටියාවත් නම් එහෙම මැයි

උගත මැන ගස..

නුඹත් ආදර බරක්

මගේ හද මැද..


පිනි මලක් කියන්නෙම කවි සුගක්

නිද්‍රාව මැරූ අවසන් පැතුම..


"ආලයට හැකිය ආලයෙන්.. ආලය දන් දෙන්න.."


මගේ ආදර ගස..


වාලුකා නිදි කරවමි..

තෙත පත්‍ර පිසිමි

කදේ දිය සීරාව

තෙත මාත්තු කරමි

හිරු ඇබින්දක් එවමි

මගේ උණුසුම සුළගක තවරමි

නුඹ වටා එතෙමි..

සීතලෙන් මුදවමි...

මුදුන් ලපලුවක් සිඹිමි...


"ආලයට හැකිය ආලයෙන්.. 

ආලය ම දන් දෙන්න.."


මීට,

මිටියාවත

deshanianjali






Comments

Popular Posts