ගස වෙත ලියමි
මගේ ආදර ගස,
නුඹව පැල කර ඇති
මිටියාවතේ හෘදයට
මිහායිල් ඉවානොවිච්ගේ
ගීතවත් සංධවනියක්
සුළගකින් පොවන්නට සිතෙයි....
ඉදින් මාගේ ස්නේහයේ සංඝටක
නුඹ උරා බොන්න..!
ඉතින් මට කියන්න
නුඹ සගවාගත් වැහි බිදු ගැන...?
සගවා පසු වේලාවක
මිටියාවතට හලන්නට
අතු පතර තබා නුඹ
සුරැකිව රැක ගත් වැහි බිදු ගැන...
නිතොරින් බර හදක්
මිටියාවතේ හරි මැද....
නුඹ පිණිස දරමි
තවත් ගැඹුරේ මුල් හරිනු මැන....
රැය කැමති හදවතේ සීතලම පැති
එළි පෙනෙන දහවලේ මටත් හරි හති
සහෝදර තුරක් වත් ළඟ පාත නැති
හිස් අහස පමණමයි නුඹට මට ඇති....
ආදර ගස..
වස්සාන සෘතුවක් නොදකිමි
වැහි බර ම සෘතුවට පෙම් කරමි..
මුදුන් අතු අග ලදලු දකිමි
වියපත්ම තුරුපතක් සිඹිමි..
මිටියාවතට හැඬෙමි..
මිටියාවත හිනැහෙමි....
මීට,
නුඹේ ම මිටියාවත
deshanianjali
Comments
Post a Comment