ගස වෙත ලියමි




ප්‍රියාදර ගස ..


හරි හමන් සෘතුවක් නැති සම සීත රටක

නුඹේ කෘතුහල් හද අසන බව දනිමි....

මේ කුමන සෘතුවද....?


ඉතින් මට අවැසිය

අතු රිකිලි පාසා සිඹින්න..

ගසට නොපෙනෙන සුළගක්ව..

මුදුන් අතුවක කනට සෙමෙන් මෙන් ළං ව

දුර ඈත කදු ශිකර සගවන

නුඹ නොදත් රහසක් කොදුරන්න...


අහස නුඹ දන්නවද මම බියම නුඹටයි..

හැම නිතර වෙනස් වෙන

නුඹේ ඔය හිතටයි..

ගිමන් කල් හැර දමා වසන්තය දෙන්න

මිටියාවතට අවැසි

ගසට දළුලන්න...


ඉතින් ප්‍රිය ගස..

නිද්‍රාව පා කොට රැයේ අහසට

නුඹ මුල් බැසගත් මේ මිටියාවත් හදින්

ප්‍රේමය කාන්දු කරවමි

මැදියමේ අහැරෙමි..


ආදර ගස..

පාළු හුදෙකලා භූ දර්ශනයක

ඉලුක් මල් පිරි හිස් මිටියාවතක්

නොතිත් ආකාෂය බලා

ශතවර්ෂාධික කලක් ගෙවා අවසානය..

"විප්ලවය නම් නුඹට මැයි

එහි සුන්බුන් මිටියාවතට.."


මීට,

මිටියාවත




Comments

Popular Posts