මධුමතීට මධු මතින්
ආදර කෙල්ලෙ..
වර්ෂාව අහවරය
නිල් පාට ඇස් කොහිද
අන්න අහරෙ හඳ රැස්
හොයනවා උඹෙ ඇස්
මධුමතී ගෙට එන්න
තෙමුණු පිළි ගලවන්න
හොඳ හිතින් නාගන්න
රස්නෙයට කෝපි බී
ඉක්මනින් නිදියන්න..
පණ්ඩිත කෙල්ලෙ..,
කෝ උඹේ තෙල් පහන
මෙහෙ ගෙනත් දල්වන්න
රූමීගේ කවි දෙකක්
අද රෑට කියවන්න
කෝ ඉතින් මෙහෙ එන්න
කෝපි එක මට දෙන්න
වැස්ස නම් හරි සැරයි
කබායක් ඇදගන්න..
උද්දච්ච කෙල්ලේ..
දෙක තුනක් දාගත්තා
රස්නෙයක් දැනෙන් නෑ
හීතලක් පපු මැද්දෙ
රිද්දන්නෙ රෑ මැද්දෙ
උඹ ඔව්වා දන්නෙ නෑ
කෝ එන්න නිදියන්න
කවිචිචියෙ සැපක් නෑ
මගේ හිතේ තරහා නෑ..
ඔල්මාද කෙල්ලේ!
මට උඹව පෙනෙනවා
ඒත් මට දැනෙන් නෑ
සිගරට්ටු නිවෙනවා
මට ඉතින් වැඩක් නෑ!
සද්දයක් හරි දෙන්න
ගෲෂා! දෙබසක් දෙන්න!
සයිමන්ට වෙහෙසයිනෙ
තව ඉතින් වාරු නෑ!
ඇයි ඔහොම කර වටේ
පිච්ච මල් රවුමක්?
පිස්සු ඇති නවතන්න
ඕක අලි බොරුවක්
උඹව මට පෙනෙනවා
වෙරි තියෙන තරමක්...
හෙට උදේ මම මැරෙයි
අපි
අද රෑට උපදිමු ද වරුවක්...
deshanianjali
Comments
Post a Comment