අනන්ත
මම නුඹව පොළොව යැයි සිතමි..
දෙපා නිරුවතින් මා ඇවිද යමි
මම නුඹව අහස යැයි සිතමි..
උඩුබැලිව බිම වැතිර නුඹ බලමි...
මම නුඹව වැව ක යැයි සිතමි
ඇවිද ගොස් පතුලතට ගිලෙමි
මම නුඹව ගසක යැයි සිතමි
විදාහල දෑතින්ම බදාගමි....
මම නුඹව සුළග යැයි සිතමි
සුළං කපොලුව මැදම නිදමි..
මම නුඹව මගේ යැයි සිතමි
සිතින් සිය දහස් වර සිඹිමි..
deshanianjaliherath
Comments
Post a Comment