🖤


ඕක නම් පිස්සුවක් සියාදා..


ඔල්මොරොන්දම් ලෝකයක්

නවතනින්න බෑ දුවමු

එනවද?

පැන්සල් කන්නද පින්සල් නාන්නද?

බහුභූත නාට්‍ය මොකටද?

පොත් කඳු තවත්?  ඕනම ද?

තරු තමා ඉතින් ඔය. රෑට පායන, 

වෙන මොනවද?

නැගලා යන එකක් අහමු, 

මූසලයි ගෙදරම

නවතින්න බෑ දුවමු

එනවද?

°

°

ලස්සනද ඒ ගැඹුර සියාදා..?


තරු වගේ පෙනුනට, ඒ මොනවද??

දුවන්න බෑ තව වෙහෙසයි..

නවතිමුද?

මේ පැන්සලය මොන තරම් වටිනවද?

අර පින්සලේ කෙන්දකින්

මං උඹ ගැන අහගන්නද?

ඒ නාට්‍යය හරි වෙනස්! උඹේ හිත!

පොත් කන්ද තව ටිකක් උස්සමු ද?

පහන් එළියකින් 

අද අපිව බලමු ද?

ඔයාගෙ ලිස්ට් එක, අද රෑට අහමු ද?

දුවන්න බෑ තව වෙහෙසයි..

ටිකක් නවතින්නද?


deshanianjalika

Comments

Popular Posts