walking through the heart


දවන දහවලක

උණුසුම් නොවන රස්නෙය ද 

දිය සීරාවක සිසිලස  නොවන

ශීතල ද

ගල් බොරළු උස් පහත් කම්

බර දරනු බැරි සියුම් 

මුහුදු වැලි කැටයක ඉවසුම්

දැනෙයි මගේ පා පතුළට

මහ පොලොවෙ ගැස්මන්

දෙපා නිරුවතින් පොළොව සිඹ

දරා ගත් ඉසිළුම් අසන්

වඩාගන සිටියාට මිනිසුන්

ඉදින් ඒ පොළොව වැනි

මේ මගේ හදවතත්

ඒ නමුත්...

කවුරු නම් ඇවිද යාවිද 

නිරුවත් දෙපා තබමින්

මගේ පොළෝ හද ගැබ මතින්..

 deshanianjaliherath

Comments

Popular Posts