The Deep End
කල් තියා දැනුවත් නිසාවෙන්
රෙදි කඩක් එලූයේ බිම් කඩට
ඉවසුමක් කියා යම් දෙයක් නැති
පින්සලක් නිසාවෙන් නුඹ
අගේ කර කියා පෙර දවස් ගැන
කැන්වසය දෙස බලා වරුවම
ගල් ගැසී සිටියේ කිම නුඹ
පින්සලක් කියා මෙහි පැමිණ?
පසු කරමින් රත කොළ නිල කහ ද
වඩා ඕනෑකමකින්
කාල වර්ණිත බඳුන් වෙත යන්නට
ඉවසුමක් තිබුණේ කොහොමද?
පැහැයෙන් අසමසම
වර්ණ සැම මුසු කාල වර්ණම
කෙඳි කොණක තවරාගෙන
ඇන්දෙ මෙලැන්කලියාවකි නුඹ.
අඩ කවක් ළඟ අඩ කවක්..
මුහුව යන තැන..
සත්තකින් නුඹ ලස්සනම පින්සලක්
කෙන්දකින් හද පෙනෙන..
deshanianjaliherath
Comments
Post a Comment