බිම හැලුණු බත් ඇට

 


දුහුවිල්ල කියන්නෙම දූතයෙක්

කාළකණ්නියකුගේ සංදේශ රැගෙන යන

මග දිගට දුක් වැනුම් දැකගෙන

අගු පිළක ගිමන් හැර රැය ගෙවන


විදුළි එළි පිරි පුරවරය 

සුරපුරය සම අසිරි කැන්දන

එහෙව් එළියකින් හැංගෙන

සුන් මිනිසුන් ය..

 බැලූ බැල්මට නොපෙනෙන 


අඟුරු දැලි සහ අඳුරු රාත්‍රිය 

එක වගේ ලස්සනට පෙනෙන

රැයම සැනසීමක් කරගත්තවුන් 

නොකැමැත්තෙන් ලබති උදෑසන


දුහුවිලි දූත තෙම දුටුවේය

දහසකුත් හෙවිළි කළ පියසි'තර

ඉඳ හිට දුමක් නැගුණු පියස්සක

අම්මෙක් අහුලයි

නොදරුවකු හලාගත් බත් ඇට..


ඉතින් මේ බිම වසන

දහසකුත් ඌරු පැටවුන්ට 

හැමදාමත් 

'සෞඛ්‍යය' කොහේ තිබුණද..


deshanianjaliherath










Comments

Popular Posts