මම පිණිස, නුඹ පිණිස
අතරමං වනු පිණිස
මග සොයා යනු පිණිස
හැඬුම් උහුලනු පිණිස
හඬා වැළපෙනු පිණිස
සිතා සැනසෙනු පිණිස
බලා වැනසෙනු පිණිස
සුසුම් තවරනු පිණිස
සුසුම හිර වනු පිණිස
රිදුම් සඟවනු පිණිස
තවත් රිදගනු පිණිස
කඳුළු වියලෙනු පිණිස
කඳුළු වගුරනු පිණිස
කියා ගනු නොහැකි යම
ලියා ගනු පිණිස
ලියා ගත හැකි යම
කෑ ගසා කියනු පිණිස
ඉතින් මම, මම පිණිස
ඉතින් මම, නුඹ පිණිස
කවි සුසුම් නගමි
කවි සුසුම් හෙලමි
තනිව මුල්ලකට වී
කියවනු පිණිස..
deshanianjaliherath
Comments
Post a Comment