The Murderer
ගීතයක් අසමි
පාළුවක් සොයමි
වැස්සක් වහී
හිරිකඩක් හොයමි
එළියක් නිවමි
අඳුරක් සොයමි
ඉටි පහනකින් හද තවමි
වේදනාවේ පොත් අවුස්සමි
කඳුළු පොත ගමි
තැවුල නම් රතු රම් වලින්
හදවත නහවමි
කබායන් නොසොයමි
ගල් ගැසෙමි
ඒවාය අඳුරේ දොරටුවට පියනගන
රහස් සලකුණු..
එකට ගලපමි
අඳුරට තුරුළු වෙමි
අස් රිදෙන් ආලෝකය
උල් පිහි තුඩින් සිදුරු කරමි
දෑතෙහි තැවරුණු ආලෝකයේ රුධිරයෙන්
කවියක් ලියමි
මම ඝාතකයෙකී
ස්තුතියි.....!
deshanianjaliherath
Comments
Post a Comment