The Familiar Tune


නුඹේ තැනූ තනුවකි

නුඹේ ම වචනින් සියුම් අන්තරා කොටසකි

මින් පෙර නෑසු නවමු ගීයකි

එහෙත්

තාලය හුරු ය පුරුදුය

ඇස් ඉන්දවා ගත්

කන් ඇහැරවා ගත්

දහස් මිනිසුන් මැද

විල් ඉවුරෙහි නිරුත්තර මම

නෙළුම් පොකුණ මැද නුඹ

හුරු ය පුරුදු ය තනුව

මගේ ලෙය මට කියයි..

නමුත් තවමත් නොවැටහේ...

කන් වසා අස් වසා හදවතින් අසන්නී

කලකදී 

නුඹ සහ නුඹෙ පහස ලබනා

ඔය ගිතාරුව මගේ කුටියේ

කොපමනක් නම් ගීත ගැයුවද?

ඉදින් මට මැවෙන්නේ 

මගේ කුටියයි..,මේ මැතැන...


හුරු ය  පුරුදු ය  තනුව

මගේ ලෙය මට කියයි

නැවත නැවතත් කියයි...


සැනින් නුඹ නිහඬ විය

ශාලාව නිහඩ විය

නුඹ තැබූ රිද්මයේ

ඉතිරි තාලය ඇසුනි මට 

කොහෙන් ද...?කොතනින් ද?

ඒ ඇසෙන රිද්මය...


අහා පුදුමයකි... එය මගේ හද ගැහෙන මාත්‍රාව ය 

කවදාද තැනුවේ නුඹ ඔය ගීතය 

මගේ හදවතේ තාලයට?


deshanianjaliherath

Comments

Popular Posts