Her
නිමාවන සරත් සෘතුවේ දවසක
නගරයේ හරි මැද මෝකා අවන් හලක
අන්ද මන්දව නුඹ පැරණි ඇදුමින් සැරසී
විහිදුවමින් තෙල් සායම් සුවද
කොටු රෙදි ලේන්සුව කෙහෙරලේ බැදගන
සිතුවමින් පැන ආ ගොපළු ගැහැණිය
යමක් කන්නට බොන්නට
ඇවිත් බව දුටිමි..
මිනිසුන් බලති ගැහැණුන් රවති
කොලුවන් සිනහසෙති
නුඹ අන්දමන්දව
කෝපි සුව විදිනු මැන
කාචයෙන් ලොව හොයන
කැමරානුවන් නිතර
විදුලි එළි විහිදුවා
සොයති නුඹේ හැඩ
අයෙක් "ඒ මැවුම් නම් ඉතා උස්" යැයි
දොඩති නෙක රූ වැනුම් බස්
කන් වසා ගනු තරුණියේ නුඹ
කොහෙන් දෝ ඒ ඇසෙන ගීතය?
ගීතයක් නොව වියරුවක් බව
කෝප මුහුණෙන් දුටිමි මම
ජනෙල් කවුළුව මතට
සිහින් පිනි ඉසෙත්
වසින්නට පෙර මහ වැසි අනෝරාවට
ළමිස්සියෙ දිව යන්න
ආයෙත් උපන් ගෙට
මක්නිසාද යත්..,
නොහැකිය යළිදු මට
නුඹව සිතුවම් නගන්නට
ගොසින් නුඹ සිතුවමේ
ඉනු මැන සිතේ හැටියට
බැටළු කිරි දොවන බව නුඹ
කොතෙක් නම් ඇස් දැක ඇති ද
ගිහින් අර මිටියාවතේ ටිකක් වැතිරෙන්න...
අද මෙතැන හෙට අතන
සිතුවමේ හැම තැනක
නුඹට තව අවැසි නම් මිතුරු සිතුවම් වලද
සැරිසරා යළි එන්න..
ඇසුවෙ නම් කවරෙකුත්
බඳින්නම් මම පිළිතුරු ...
මගේ සිතුවම් අතට
වෙහෙස් නොම වන තුරු
deshanianjaliherath
Comments
Post a Comment