මැදියම් කෙටුම් | Midnight Notes



තම ආත්මය විසින් 

තමන්ගේම හදවත තුරුලට ගෙන 

සනසවාලීම තරම්..

මෙලොව පවතින 

තවත් අසරණ හැගීමක් නොමැති ය. 

ජීවිතය , දරාගැනීම නම් වූ බොරුවෙන් 

පීඩිත වන කල 

එම බොරුව තම ආත්මය 

ගල් කණුවක් කොට නොසෙල්වී නොසැලී 

ශක්තිමත් ව තේජවන්තව නගා සිටුවන්නට 

මග තනන අරුමයකි. 

හෘදය සාක්ෂියට එකග නොවීමේ 

ලෝක පුරුද්ද ට පුරුදු වූවන්

ගැඹුරු ආත්මීය ආදරය හමුවේ 

වෙනත් ග්‍රහලොවක 

රමණය ස්මරණය කරමින් සිටීම 

කෙතරම් ආශ්චර්යයක් ද..?

ඇස් කුහුඹුවන්  අහඹුවෙන් ගැටෙන

හිසට හිස ගැටී තත්පරක් හිඳ 

නැවත පුරුදු ගමනේ යලි දුවන

ජීවිතය කුහුඹු තුඩක සතුටක්...

නැවුම් මල් ඉති පොත් අස්සෙ වේලෙයි

එවන් ගැඹුරක ආලයට ඉතිරි 

 වියළි ගුරු පාට විතරයි..

වස්සාන මියැදෙන්නෙ එහෙමයි

මලක ලස්සන ගිම්හානෙකට පුදලයි..

එකම පිටුවෙත් එකම වචනෙක

දහස් දේ කියවන

ඉස් පිල්ලමක් සේ ඉස උඩින් දැවටෙන

පා පිල්ලමක් සේ දෙපා සිපගෙන

ඇල පිල්ලමක් සේ ඇලේ නිදියන

කොම්බුවක් සේ ඇලෙන ගැටෙන

ඉතින් මේ පුස්තකය උස්ම රාක්කෙන් තියමු

දුහුවිල්ල මුරට තියමු...


deshanianjaliherath 








Comments

Popular Posts