සිහින


කාල තරණයෙන් නුඹ මගේ සිහිනයක

ඉන්ද්‍රජාලයක් කර පෙන්වූ සැටි

සිහිනයෙන් අවදිව අළුයම

අමතකව යන උදාසනට පෙර

සටහන් තබා ගතිමි..


සිහිනය..

ඉදින් නුඹ මා ගමන් ගත් මග

තැනෙක ඉරකින් වෙන් වුණි ය සිසිරය

හිම වැටෙන අරුමයකි එකවරම?

එය නුඹේ කල් සැලසුමක් බව

සිනහවෙන් දැනගතිමි මම..

ටික දුරක් යන විට හීතලට වෙව්ලමින්

උණුසුම්  අධර තෙරපුමක් මැද

උණුසුම් විය අප...සැන්තියාගා ගග අසල

ඉන් පසු බොහෝ දුර ගියෙමු අප..

යමක් අමතකව නිවසේ 

යළිත් අප හැරුණුවිට ආ මගට

පැමිණි මග එක තැනෙක 

නුඹ මටම පෙන්වුවා 

අප අපව...

සැන්තියාගා ගග අසල ඒ අධර තෙරපුම

අපි අපම අප පැමිණි මග දිග

අපට හමු විය..

කොහොමද ඒක කලේ?

පිළිතුර සිනහවක ගොතමින්

ඔහු ඇදුනි ආපසුවට..

තැනෙක ඉරකින් වෙන් වූ සිසිරය

නැවත පසු කර ගියෙමි අප

 රැගෙන යනු පිණිස..

අමතකව ගිය දෙය


deshanianjaliherath

Comments

Popular Posts