නෂ්ටාවශේෂ
එකඳු මිනිස් පුළුටකුදු දෑස මානයේ නොමැති
වැලි කැට තරම් සුන් බුන්
සදා නිදන නිද්‍රාවක හුන්
කලකදී ප්‍රතාපවත් විසල් මහ නගරයක
රෝමැන්තිය මැරුණු කහ පාට තණකොළ
කේඩෑරි වල් පැලෑටි ගහන උයනක
මෙලොව නෂ්ටාව වූ එකම මිනිසා
නගරයේ හරි මැද
දිය සිඳි පොකුණක
වතුර මල් නටුව දෙස බලා සිටිත්
කතා කල සුලඟක අතීත පණිවුඩයක්
සිරුර මත වැටි ඉරැස මලක
අනාගත වියරුවක්
පාළුවේ උපන් මකුළු හුයක ගෙතුණු
වර්තමාන තිගැස්මක්
සමඟ ඔහු
මිනිස් කටහඬින් තොර එ ලොව
දරා ගනීවි ද කෙලෙසකින්?
හිරු නැගෙයි යලි බසියි
තරු අඳුර යලි එළිය
ආශ්වාස ප්‍රශ්වාස
ප්‍රාශ්වාස ආශ්වාස
සියල්ලන් අතර නැව ගිලුනද කම් නැති
එකම තාලයට ගැහෙන, හදවත
එපමණකි එ ලොවට ගැහුණු
මට ඇහුනු එකම එක හදවත
deshanianjaliherath
Comments
Post a Comment