උදුරා ගැනීම | Taken Away

සහෝදර මුල් අසල නොසිටිය
එක්  මහා කරුමක්කාර උදාසනක 
මුල් ඇදි තම උපන් භූමිය අහිමි වු  
මහා කාලකන්ණිකම දැනුණු 
පැලයක්  තිබුණා ලස්සන රෝස වැවුණු 
මෑතක දී පදිංචිය වෙනස් වුනු...
ඒ නවමු භූමිය සරු බරය නෙත් ප්‍රිය ය..
උයන් ගෙවලක සිරි අසිරි සිරි සිරිය  
සියල්ලෙන් සර්වාසම්පන්නය 
එහෙත් 
තම උපන් බිම තරම් නැති 
ගොඩේ ගම්කබරකම දැනුනම 
මුලින් උදුරාගත් මල් වදන සැනසුම 
කෙසේ නම් ලබන්නද පෙර සේම?
කාර්තු මරා  බොරු වැසි වස්සන
සෛල පටක විස පොවා දුක් දෙන  
ළදරු  නාඹර ලපටි කොළ පත්
කැපෙන තුඩකින් කපා වෙන් කල 
හිස් අහස නොපෙනෙන නවමු භුමිය 
රෝස පැලයට දරාගනු බැරිම තැන 
අධි රෝපිත රෝස මලක 
පෙත්තකින් කඳුලක් හෙලුවා ලස්සන 
පැත්තකට වී තවානේ කෙළවර..
ඉතින් ඒ දුකඳුල 
මිනිස් ඇසකට නොපෙනෙන තිතකි.
උපන්  මුල් මරණ 
අහිතකර විසකි....


deshanianjaliherath


Comments

Popular Posts