අතීතයෙන් ආ මිනිසුන් | People from the past

 





වැසි සලන අහසකින් දුක අසන 
එවන් අහසත් සමඟ  ඉකි ගසා හඬන 
තෙත් බරව ඉදිමිච්ච මහ පොලොව 
මුළු රැයක්  බදාගෙන දුක නිවන 
උදාවන හිරු මලට උදාසන 
තුති ගීතිකා පුදන විහඟුන්ට 
උන්ගේම භාෂාව දැන  හැඳින 
හදවතේ සතුටු තැන් කියා දෙන 
අඳුරෙහි  දෝංකාරය රැගෙන 
මහා  සංධ්වනියක් මවන 
අතීතෙන් හමා ආ  සුළඟකින් 
මිනිස් ගංගාව මැද  
වෙන දිහාවක ගලන 
අනෙක් උන් මෙන්  උන්  ද 
හොඳින් දන්නා නිර්වාණ  සමුදුරට 
රමණීය මරණයෙන් ගලා අද වැටෙන්නට පතන 
උනුන්ගේ අත්මෙන් ගලන රුධිරයේ සුවඳින් 
තමන්ගේ රැහේ  උන් සොයන 
අතීතයෙන් ආ මිනිසුන් ය..
උත්පත්තියේ සිට මරණය තුරු 
මරණයට පන අදින ..
  
 
deshanianjaliherath 

Comments

Popular Posts